Rs. 175 Rs. 140
පෙරවදන
චිත්‍ර කලා විෂය සා/පෙළ හා උ/පෙළ විභාගවලට පෙනී සිටින අයදුම්කරුවන් සඳහා ඇති දෙවන ප්‍රශ්න පත්‍රය ද්‍රව්‍ය බලා ඇඳීමයි. මෙය ප්‍රායෝගික අභ්‍යාසයකි. මෙම ප්‍රායෝගික විභාග කොටසට පෙනී සිටින බොහෝ සිසුන් අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම සිදු වන්නේ නිසි පරිදි ද්‍රව්‍ය බලා ඇඳීම සිදු නොකරන බැවින් ය. මනා හුරුවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම මෙම පොත් තුළින් ලබා ගත හැකි ය. විභාගයට භාවිතා කරන පැස්ටල් හා දියසායම් යන මාධ්‍ය දෙකම නිවැරදිව හැසිරවීම සිදු කළ යුතු ආකාරය මෙහි දැනුවත් කර ඇත. විභාගවලින් උසස් සාමාර්ථ සඳහා ලකුණු ලබා ගැනීමට ප්‍රගුණ කළ යුතු ත්‍රිමාණ ලක්ෂණ දැක්වීම , පර්යාවලෝකනය දැක්වීම , සමබරතාව, වර්ණ සංකලනය , වර්ණ මාධ්‍ය නිවැරදිව හැසිරවීමේ කුසලතාව දියුණු මට්ටමකට ලබාගැනීමට මෙහි ආදර්ශ චිත්‍ර සටහන් ඉදිරිපත් කර ඇත.මෙම පොත එළි දැක්වීම සඳහා කටයුතු කළ '' මල්පියලි " ග්රන්ථ ප්‍රකාශන ආයතනයේ අධිපති ඇ.ලයනල් ද සිල්වා මහත්මාට මාගේ ප්‍රණාමය පුද කරමි.
ඩී.ඇම්.උභයතුංග,
කලාප අධ්‍යාපන කාර්යාලය,
කුලියාපිටිය
Adding to cart...