01 - බුද්ධ ධර්මය [Master Guide]

SKU: D01b01-9789556643305 - 1

Rs. 250

In stock

මේ පොත ගැන...

මා විසින් මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුංචි ඔබ සඳහාමයි. වර්ෂ 2016 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව  "බුද්ධ ධර්මය" විෂය සඳහා මේ ග්‍රන්ථය සම්පාදනය වී තිබේ.ඒ අනුව මෙහි පාඩම් පෙළගස්වා ඇත්තේ ද ඔබ විසින් සපුරාගත යුතු වන නිපුණතාවන් අනුපිළිවෙළින් ආවරණය වන පරිදි වේ.
ඒ නිසා පුංචි දුවේ පුතේ , ඔබ මේ ග්‍රන්ථය පරිශීලනය කළ යුත්තේ ද ඔබගේ දෙමාපියන් , ගුරුවරුන් හා වැඩිහිටියන්ගේ මඟපෙන්වීම ලබමිනි.
ඒ අනුව, එක් එක් පාඩම් තුළින් පුංචි ඔබේ ජීවිතයට එක්කරගත යුතු  හැම ගුණයක් ම පුංචි ඔබට හුරු කරවීම මෙහි පරමාර්ථය වේ.ඒ සඳහා පුංචි ඔබ විසින් මෙම ග්‍රන්ථය පාඩමෙන් පාඩමට ඉතා හොඳින් කියවමින් මෙහි ඇති ක්‍රියාකාරකම් සියල්ල ම නිම කිරීම පුංචි ඔබේ වගකීමකි.
මෙවන් ග්‍රන්ථයක් සකස් කිරීමට අවශ්‍ය ශක්තිය හා නැණැස පෑදීමට මා හට දායක වූ මාගේ ආදරණීය දෙමාපියන් ඇතුළු ගුරු මෑණිවරුන් හා පියවරුන්ටත් , මා වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළ මාගේ ආදරණීය සූසන් රණවීර මිත්තනියටත්, මෙවන් ග්‍රන්ථයක් සකස් කිරීමට  මා සෙනෙහසින් දිරිමත් කරමින් මට මඟ පෙන්වා දුන් මධූකා ජයවික්‍රම ගුරු සොයුරියටත් , මාගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පිරිනමමි.
එසේ ම , මෙවන් ග්‍රන්ථයක් සකස් කිරීමට කාරුණික ව අවස්ථාව ලබා දුන් මාස්ටර් ගයිඩ් ප්‍රකාශන ආයතනයෙහි අධ්‍යයන අධ්‍යක්ෂිකාතුමියටත් , මෙම ග්‍රන්ථය චිත්‍රයන්ගෙන් විචිත්‍රවත් කළ මංජුලා රත්නායක මෙනෙවියටත් , කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මාගේ අවංක ආදර ස්තුතිය පුද කරමි.
මේ ග්‍රන්ථය ඉතාම ම අවධානයෙන් යුතු ව අව‌බෝධයෙන් පරිශීලනය කිරීම තුළින් පුංචි ඔබේ ජීවිතය ගුණ නැණ බෙලෙන් සුවඳවත් වී දසත පැතිරීමට අවශ්‍ය ආලෝකය ලැබේවා !යි පුංචි ඔබට හද පිරි සෙනෙහසින් ප්‍රාර්ථනා කරමි.

Adding to cart...

Description

පුංචි දූලා පුතාලට...

පාසලට පිය නැගූ දා පටන් පාසල් බිමෙන් සමුගන්නා තෙක් අප සමඟ යනෙන මඟේ, පුංචි ඔබ පළමු ව පා තබනුයේ පළමුවන ශ්‍රේණියටයි. කලින් කලට විෂය නිර්දේශයන් වෙනස් වෙද්දි 2016 නව විෂය නිර්දේශය සඳහා වන මෙම 1 ශ්‍රේණියේ බුද්ධ ධර්මය පොත ඔබ වෙත තිළිණ කරනුයේ ඉමහත් සතුටකිනි.
මින් පෙර 1 ශ්‍රේණයේ විෂය නිර්දේශය සඳහා අපි විසින් බුද්ධ ධර්මය ප්‍රකාශනයක් ඉදිරිපත් නොකළ ද මෙවර දෙමාපියන් සහ ගුරුභවතුන් වෙතින් ඉදිරිපත් වූ ඉල්ලීම් මෙම  ප්‍රකාශනය නිකුත් කිරීමට එක් හේතුවක් විය.
පුංචි සිතට හොඳින් කාවදින අයුරින් සිතුවම් රැසක් සමඟින් 1 ශ්‍රේණිය බුද්ධ ධර්මය පොත ඔබ අතට පත් කිරීමට මහත් වෙහෙසක් ගත් ආචාරිණී ජීවානි මදනායක මහත්මියට අප ආයතනයේ ගෞරවාදය ස්තුතිය පල කරන අතර , පාසල් බිමෙන් සමුගන්නා තෙක් අප හා රැදෙන්නට ඇරයුම් කරමින් මාස්ටර් ගයිඩ් ප්‍රකාශන ඔබට අත්වැලක් වේවා !යි පතන්නෙමි.

පටුන

  1. සිදුහත් බෝසත් උපත
  2. බුදු වීම
  3. පිරිනිවන් පෑම
  4. පින්බර වෙසක් පොහොය
  5. සෝපාක පොඩි පුතා
  6. සෙල්ලම් බෝනික්කා
  7. රාහුල පොඩි හාමුදුරුවෝ
  8. දේවානම්පියතිස්ස රජතුමා
  9. මෙත් වඩමු - ජය ලබමු
  10. තෙරුවන් සරණ වේවා!
  11. රකිමු පන්සිල්
  12. පන්සල් පින්බිම
  13. සිත සතුටින් වන්දනාව
  14. අපේ හාමුදුරුවෝ
  15. උතුම් මව්පියෝ
  16. දියුණුවේ මග ගුරුවරු
  17. වැඩිහිටියන්ට උදවු කරමු
  18. ආශිර්වාදය
  19. හොඳ වැඩයි - සතුටයි
  20. ‌ඩෙංකුටු ඩෙංකුටු නාදේ
  21. අපේ යහළු කුරුල්ලෝ
  22. ලස්සන පරිසරය සැපතකි
  23. මගේ හොඳ අම්මා
  24. හිංසාව හොඳ නැහැ
  25. සුව දෙන දින චර්යාව ‍
  26. අපේ දානෙ ගෙදර
  27. යහපත් වචන මිහිරයි
  28. නමදිමු ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ
  29. රුවන්වැලි සෑය වඳිමු.

මේ පොත රචනා කළ මා ,
ආචාරිණී ජීවානි මදනායක ,
බුද්ධ ධර්මය විෂය ආචාරිණී ,
අධ්‍යාපනවේදී උපාධි අධ්‍යාපන පශ්චාත් ඩිප්ලෝමා
(අධ්‍යාපන පීඨය , කොළඹ විශ්වවිද්‍යාලය)

ISBN 978-955-664-330-5
 

Additional information

Weight 0.332

Rs. 250

Adding to cart...