01 - පරිසරය [Master Guide]

SKU: D01b05-9789556643299 - 1

Rs. 300 Rs. 240

In stock
20% OFF

දුවේ පුතේ,

2016 වර්ෂයේ සිදු වු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පුංචි ඔබ සඳහා "පරිසරය ආශ්‍රීත ක්‍රියාකාරකම් " විෂය සඳහා මෙම පොත සම්පාදනය කර ඇත. 
විෂය නිර්දේශයේ අඩංගු සියලු නිපුණතා පිළිවෙළින් ආවරණය වන පරිදි ද, එමෙන් ම බාහිර කරුණු කිහිපයක් ඇතුළත්ව ද මෙම පොත ලියා ඇත. 1 ශ්‍රේණියේ පුංචි ඔබ , මෙම පොත පරිහරණයේ දී දෙමාපිය උදවු ලබා ගැනීමෙන් අපේකෂිත ඉලක්ක කරා ළඟාවීම වඩා පහසු වේ.
මෙම පොත සම්පාදනය කිරීමේ දී අවශ්‍ය පහසුකම් සපයා දුන් මාස්ටර් ගයිඩ් හි අධ්‍යයන අධ්‍යක්ෂිකාතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට සහ චිත්‍ර ඇඳීමෙන් මට සහාය දුන් මංජුලා රත්නායක මෙනෙවියටත් මාගේ අවංක ආදර ස්තූතිය පුදමි.මෙම පොත පරිහරණය කිරීමෙන් 1 ශ්‍රේණියේ පුංචි ඔබ සැමගේ නැණ පහන් දැල්වේවායි! යි මම ප්‍රාර්ථනා කරමි.

Adding to cart...

Description

පෙරවදන...

2016 නව විෂය නිර්දේශය මඟින් පුංචි දූ පුතුන්ට හඳුන්වා දෙන පරිසරය විෂය හුඟක් ආකර්ෂණීයයි.චිත්‍ර මාධ්‍ය තුළින් සිඟිති දූ පුතුන්ට නොදන්නා කරුණු රැසක් උගන්වන්න පහසු විදියටයි මේ පොත හදලා තියෙන්නේ.
පරිසරයේ තියෙන ගස්වැල් , ලස්සන කුරුල්ලෝ, සත්තු , ඒ වගේ ම අපේ පවුලේ අය,අපේ නෑදෑයෝ , අප අවට පරිසරයේ නොයෙක් තැන් වගේ ගොඩක් දේවල් මේ පොතට එකතු කරලා තියෙනවා.පුංචි දූ පුතුන්ට කුඩා කල සිට ම පරිසරයට ළං ව ජීවත්වෙන්න අපි පුරුදු කරන්න ඔනේ.
ඒ වගේ අරමුණු ගොඩක් මූලික කරගෙන සකස් වුණු මේ මාස්ටර් ගයිඩ් 1 ශ්‍රේණිය පරිසරය පොත ඔයාලාට තිලිණ කරන්න මහන්සි වුණේ චින්තා සංජීවී මධුරප්පෙරුම මහත්මියයි. මාස්ටර් ගයිඩ් වෙනුවෙනුත් , පුංචි ඔයාලා වෙනුවෙනුත් එතුමියට බොහෙවින් ස්තුතිවන්ත වෙන ගමන් මේ පොතේ ලස්සන චිත්‍ර ඇඳපු මංජුලා රත්නායක මෙනෙවියත් අදරින් සිහිපත් කරනවා.
පුංචි ඔයාලාට ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරන අතර , දිනෙන් දින ජයග්‍රහණය වෙත යන්නට පුංචි ඔයාලාට අත්වැලක් වන්නට මාස්ටර් ගයිඩ් සූදානම් බවත් මතක් කර සිටිනවා.

පටුන

  1. අපයි පාසලයි
  2. අපේ ගෙදර
  3. වත්තට එන සතුන්
  4. ජලය සමඟ සෙල්ලම්
  5. අවුරුදු කාලය
  6. අපට පෙනෙන අහස
  7. අප කන බොන දේ
  8. තොරතුරු ලැබෙන හැටි
  9. වටපිටාවේ සිදුවන වෙනස්කම්
  10. අපේ යහපැවැත්ම
  11. අපට ඔනැ දේ ලැබෙන හැටි
  12. ගමන් බිමන්
  13. එළිය සමඟ සෙල්ලම්
  14. මිනිසුන් වැඩ කරන තැන්
  15. වටපිටාවේ වෙනස් තැන්
  16. අපේ උදවු ඔනෑ අය

පිළිතුරු

මේ පොත රචනා කළ මා ,
චින්තා සංජීවී මධුරප්පෙරුම
ශාස්ත්‍රවේදී උපාධි, අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කොළඹ විශ්වවිද්‍යාලය)
අධ්‍යාපන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා
විශේෂ ප්‍රාථමික පුහුණු

ISBN  978-955-664-329-9

 

Additional information

Weight 0.484

Rs. 300 Rs.240

Adding to cart...