Rs. 375
දුවේ පුතේ
2017 වර්ෂයේ සිදු වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පුංචි ඔබට සිංහල විෂය සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.
විෂය නිර්දේශයේ අඩංගු සියලු නිපුණතා ආවරණය වන පරිදි ද, සිංහල විෂය යටතේ සවන්දීම ,කථනය , ලිවීම, කියවීම යන චතුර්විධ භාෂා හැකියා ප්‍රගුණ වන පරිදි බාහිර කරුණු කිහිපයක් ඇතුළත් ව ද මෙම පොත ලියා ඇත.2 ශ්‍රේණියේ පුංචි ඔබ මෙම පොත පරිහරණයේදී දෙමාපිය උදව් ලබා ගැනීමෙන් අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීම වඩා පහසු වේ.
මෙම පොත සම්පාදනය කිරිමේ දී අවශ්‍ය පහසුකම් සපයා දුන් මාස්ටර් ගයිඩ්හි අධ්‍යයන අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය සහ චිත්‍ර අඳීමෙන් මට සහය දුන් මංජුලා රත්නායක මෙනවියටත් මාගේ අවංක ආදර ස්තූතිය පුදමි.
මෙම පොත පරිහරණය කිරිමෙන් පුංචි ඔබ සැමගේ නැණ පහන් දැල්වේවා ! මම ප්‍රාර්ථනා කරමි.
Adding to cart...