Shop
Home Shop පිංචි DVD කට්ටලය සහ තවත් පොත් 11ක්
Sale!

පිංචි DVD කට්ටලය සහ තවත් පොත් 11ක්

Rs 3,950.00 Rs 3,750.00

අකුරු ඉගෙන ගන්න පටන්ගන්න පුංචි සිඟිත්තෙකුට දෙන්න පුලුවන් හොඳම තෑග්ග. පොඩිත්තන්ට හිනාවෙවී සන්තෝසෙන් අකුරු ඉගෙන ගන්න ජානකී සුරියාරච්චි මහත්මියගේ පිංචි DVD කට්ටලය, ක්‍රියාකාරකම් පොත් දෙකක් සහ අපූරූ කතන්දර පොත් 9ක්.

:star: රුපියල් 3950 ක කට්ටලය රුපියල් 3750 ක  විශේෂ මිලකට

:star: නොමිලේ :star: ඔබ අතටම ප්‍රවාහනය.
:star: පෝත් ලැබුනු පසු මුදල් ගෙවිය හැක
—–
ඇනවුම් කිරීම-
🟢 0715220055/ 0710490522 / 0701597911 (සවස 5න් පසු) අංක ඇමතීමෙන්
🟢 https://www.facebook.com/grade1.lk අපගේ ෆෙස්බුක් පිටුවෙන්

Free Shipping Coupon : freeshipping

In stock

SKU: P0003
Share this product!

Description

පිංචි & the Alphabet – (සිංහල හෝඩිය DVD)

ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත. එමෙන්ම මෙහිදී විශේෂයෙන් වර්ථමාන දරුවාගේ මානසික සංවර්ධනයට වඩාත් යෝග්‍යවන ලෙස අවට පරිසරය මෙන්ම චිත්‍ර කලාව, සංගීතය, කවි, කතන්දර, කාටූන් සජීවීකරණය ඇතුළු බහුමාධ්‍ය අංග සියල්ලම නවීන තාක්ෂණය උපයෝගී කොට සමබරව සංකලනය කර ඇත. ළමාවියේ දඟකාරකම් මෙන්ම ආදරය, කරුණාව, සංවේදීබව, වීරත්වය, දේශාභිමානය ආදී යහගුණ හා පෞරුෂ වර්ධන සංකල්පද ඉතා කුඩා කල සිටම වර්ධනය වන අයුරින් ගොඩනගා ඇති මෙය පැය 1 විනාඩි 46ක් පුරා දිවෙන අතර දරුවාට අවධානය තබාගත හැකි මට්ටම අනුව කොටස් වශයෙන් නැවත නැවත බැලීම වඩාත් සුදුසු වේ. පිංචි නම් කුඩා දැරියක හා සුරංගනාවියක වටා ගෙතී ඇති මෙම සංගීතමය කාටූන් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ මෙතෙක් නිරිමාණය වී ඇති පළමු අධ්‍යාපනික කාටූන් චිත්‍රපටයද වේ.

– ජානකී සූරියාරච්චි
—–

කතන්දර පොත්- අකුරු කෝච්චිය, රුප අදිමු අතහුරුවෙමු, අතේ හුරුව, අදනම් හරි නරක දවසක්, මටත් ඉන්නවා නංගී බබෙක්, අඩන බබා, දඟ මල්ලෝ, කවුද දිනුම්, අපි දෙන්නා, Hello Bird, ටක ‍ටක.

:star: රුපියල් 3950 ක කට්ටලය රුපියල් 3750 ක  විශේෂ මිලකට

:star: නොමිලේ :star: ඔබ අතටම ප්‍රවාහනය.
:star: පෝත් ලැබුනු පසු මුදල් ගෙවිය හැක
—–
ඇනවුම් කිරීම-
🟢 0715220055/ 0710490522 / 0701597911 (සවස 5න් පසු) අංක ඇමතීමෙන්
🟢 https://www.facebook.com/grade1.lk අපගේ ෆෙස්බුක් පිටුවෙන්

Additional information

Weight1.800 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පිංචි DVD කට්ටලය සහ තවත් පොත් 11ක්”

Your email address will not be published. Required fields are marked *

Don't Leave Just Yet!

Some Items have Special Discounts!

Call 071 522 0055

0